දරු තිදෙනාට වසබොන්නටදී තමාත් වස බොන්න හැදු මව
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

දරු තිදෙනාට වසබොන්නටදී තමාත් වස බොන්න හැදු මව

දරු තිදෙනාට වසබොන්නටදී තමාත් වස බොන්න හැදු මව

සිය සැමියා තමන්ට සහ දරුවන් තිදෙනාට යුතුකම් ඉටුනොකරන බව සහ පවතින ආර්ථික ගැටලු සඳහා මුහුණදීමට නොහැකි බව පවසමින්, දරු තිදෙනාට වස පොවා තමන්ද සියදිවි හානිකර ගැනීමට තැත් කළ මවක ප්‍රදේශවාසීන් විසින් මතුරට පොලිසියට 12 රාත්‍රියේ බාරදෙනු ලැබූ බව පොලීසිය කියයි. 

 

මෙසේ සිය දරුවන්ට වස පොවා සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇත්තේ මතුරට පොලිස් වසමේ මතුරට එළමුල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි කාන්තාවකි.

 

ඇයගේ සැමියා ස්ථිර රැකියාවක නිරතව නොමැති අතර ප්‍රදේශයේ දේවාලයක කපුවකු ලෙස කටයුතු කරන අයෙකි.මෙම යුවළට වයස අවුරුදු පහේ හයේ දියණියන් දෙදෙනෙක් සහ වයස අවුරුදු 1යි මාස හයක පිරිමි දරුවෙක් සිටිති.
 

මෙම කාන්තාවට සහ දරුවන්ට ස්වාමියා නිසි  ලෙස යුතුකම් ඉටු නොකරන බැවින් සහ පවතින ආර්ථික ගැටලුවලට මුහුණදීමට නොහැකි බැවින් මෙසේ සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ ඇය පොලීසියට පවසා ඇත. 

 

පොලිස්භාරයට ගත් මවට සහ දරුවන් තිදෙනාට මතුරට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.කේ. ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි එහි නිලධාරින් ආහාර පානාදියෙන් සත්කාර කර තිබේ. එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිසියට කැඳවීමටද පියවරගෙන තිබිණි.

views

226 Views

Comments

arrow-up