එළඹෙන සතියේ දින තුනක් බාර් වැසේ

එළැඹෙන සතියේ දින තුනක කාලයක් සියලුම මත්පැන් හල් වසා දැමෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 13 සහ14 දිනවල දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබෙනු ඇති.
අළුත් අවුරුදු දිනයන්හී සුරාසැල් වසාදැමීමේ නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවත් එම නියෝග නොතකා ක්‍රියා කරන සුරාසල් වලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම අප්‍රේල් 16 වන දින බක් පුන් පොහෝ දිනය යෙදෙන බැවින් එදිනද සියලුම සුරාසැල් වසා දැමීමට නියමිතයි.
651 Views
Comments