ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව 06 වන ස්ථානයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව 06 වන ස්ථානයේ

ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව 06 වන ස්ථානයේ

උද්ධමනය ඉහළ යාමේ අනුපාතය අනුව ලෝකයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ පසු වන බව ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පවසයි.

 

ඔහුගේ ප්‍රධානත්වයෙන් ලෝකයේ රටවල උද්ධමනය පදනම් කර ගනිමින් සකස් කළ ශ්‍රේණිගත කිරීමක් අනුව ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ පසු වෙයි.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල උද්ධමන අනුපාතය අනුව පසුගිය ජනවාරි මාසයේ උද්ධමනය 14.2%ක් ලෙස දැක්වුව ද, කළු කඩ විනිමය අනුපාත ද සැලකිල්ලට ගනිමින් මහාචාර්යවරයා සකස් කළ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 55%ක් බව සඳහන් කර තිබේ.

 

එම ශ්‍රේණිගත කිරීම් අනුව වෙනිසුවෙලා (146%), සිම්බාබ්වේ (134%),ලෙබනන් (117%), තුර්කිය (101%) සහ සුඩානය (96%) ශ්‍රී ලංකාවට වඩා උද්ධමන අනුපාතය ඉහළ රටවල් වේ.

 

ඔහු පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ උද්ධමනය 'අහස උසට' ඉහළ නැග ඇති (LKA's inflation at a SKY-HIGH 55%/yr) බව ය.

 

ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය වෙනුවට මුදල් මණ්ඩලයක් පත් කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා ගත හැකි බව ඔහු පවසා ඇත.

 

 

views

2141 Views

Comments

arrow-up