අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
14

අද කාලගුණය

අද කාලගුණය

අද දිනයේ දී සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට මිලිමීටර් 100ට වඩා වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරුමැද සහ වයඹ පළාත් වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය සඳහන්.

මේවන විට පවතින අධික වර්ෂාව නිසා ගිං ගඟ සහ නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අවට පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම්දී සිටිනවා.

views

541 Views

Comments

arrow-up