දරුවන් අතර HIV පැතිරීම වැළැක්වීමට දීප ව්‍යාප්ත වැඩසටහන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

දරුවන් අතර HIV පැතිරීම වැළැක්වීමට දීප ව්‍යාප්ත වැඩසටහන්

දරුවන් අතර HIV පැතිරීම වැළැක්වීමට දීප ව්‍යාප්ත වැඩසටහන්

 

HIV වෛරසය පාසල් දරුවන්ට ආසාදනය වීම වලක්වා ගැනීම සඳහා පාසල් ළමුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි HIV / AIDS මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසනවා.

 

HIV වයිරසය ආසාදනය වූ පාසල් දරුවන් කීප දෙනෙකුම මේ වන විට හමුවී ඇති අතර තවත් දරුවන්ට මෙම වයිරසය ආසාදනය වීම වලක්වා ගැනීමේ අදහසින් මෙම දැනුවත් කිරීම සිදුකිරීමට අදහස් කරන බව ඇය පවසනවා.

 

මේ සඳහා වෙද්‍යවරුන් කණ්ඩායමක් මේ වන විටත් පුහුණු කර ඇති අතර තවත් පිරිසක් පුහුණු කරමින් සිටින බවද පෙන්වාද දෙන විශේෂඥ වෛද්‍යවරිය මෙම දැනුවත් කිරීම පාසලේ 9වන වසරේ සිට උසස් පෙළ සිසුන් දක්වා ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දෙනවා.

views

176 Views

Comments

arrow-up