පොදු ප්‍රවාහනයට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

පොදු ප්‍රවාහන සේවය නැවත ආරම්භ කිරීම සඳහා නව මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කොට ඇත.
ඔක්තෝබර් පළමුවැනිදා සිට පොදු ප්‍රවාහන සේවා නැවත ක්‍රියාත්මක වන්නේ යැයි සලකා අදාල මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කර ඇති බව සමස්ථ ලංකා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරුන්ගේ සම්මේලනය පවසයි.
සියලු බස් රථ හිමියන්ට රුපියල් 50,000ක සහන පැකේජයක් ලබාදීමට රජය විසින් කටයුතු සිදුකරමින් පවතින බව එහි කැඳවුම්කරු නිලන්ත ඒකනායක මහතා පැවසීය.
එතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
787 Views
Comments