රිෂාඩ්ගේ නිවසේ බැලමෙහෙවරකම් කරමින් ගිනි ගෙන දැවුණු දැරිය වෙනුවෙන් දෙමළ මන්ත්‍රීන් පොලිසි යයි - දැරියගේ දූෂකයෝ සොයන්නත් ඉල්ලති
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
20

රිෂාඩ්ගේ නිවසේ බැලමෙහෙවරකම් කරමින් ගිනි ගෙන දැවුණු දැරිය වෙනුවෙන් දෙමළ මන්ත්‍රීන් පොලිසි යයි - දැරියගේ දූෂකයෝ සොයන්නත් ඉල්ලති

රිෂාඩ්ගේ නිවසේ බැලමෙහෙවරකම් කරමින් ගිනි ගෙන දැවුණු දැරිය වෙනුවෙන් දෙමළ මන්ත්‍රීන් පොලිසි යයි - දැරියගේ දූෂකයෝ සොයන්නත් ඉල්ලති

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ බැලමෙහෙවරකම් කරමින් සිටියදී ගිනි ගෙන මිය ගිය දැරියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් විමර්ශන පුළුල් ලෙස සිදු කරන ලෙස දෙමළ ප්‍රගිතිශීලී සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පොලිස් පැමිණිල්ලක් සිදු කොට තිබෙනවා.

 

ඒ බස්නාහිර පළාත් භාර ජේ/ නියෝජ්‍ය පොලිස්පතිවරයාට.

 

මනෝ ගනේෂන්,පලනි දිගම්බරම් ඇතුළු කිහිප දෙනෙකු ඒ අතර වනවා.

 

 එසේම 16 හැවිරිදි මෙම දැරිය අවස්ථා රැසකදී ලිංගික අතවරයට ලක්ව ඇතැයි හෙලි වුණා.

 

ඇයගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි මේ බව හෙළිව ඇත්තේ.

 

කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්‍යයාලයේදී ඇයගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂය සිදු කොට තිබෙනවා.

 

එසේම එහි වාර්තාව මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතද ඉදිරිපත් කොටඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ඇයගේ සම සියයට 72 ක් පමණ පිළිස්සීම නිසා ඇති වූ බහුබිද තුවාලයි.

 

ඇය පිළිස්සි සිටියදී ඒ බව දුටු රිෂාඩ්ගේ මාමණ්ඩිය ඇයව පොකුණට දමා පසුව සුවසැරියේ කොළඹ ජාතික රෝහලට යවා තිබෙනවා.

 

ඉකුත් 3 වැනි දින ඇය මෙලෙස පිළිස්සුණු අතර පසුව ඇය දින 12 කින් පමණ ජීවිතක්ෂයට පතු වුණා.

 

ඇයට අවුරුදු 15 දී මෙම නිවසේ මෙහෙකාර සේවයට ඇයව කැදවා තිබූණා.

 

 ඇයව දූෂණය කළේ කවුරුන්දැයි යන්න සොයන ලෙසද මෙම මන්ත්‍රීන් ඉල්ලා තිබෙනවා.

views

844 Views

Comments

arrow-up