පාප් වහන්සේ දුන් රු.තුන්කෝටි අසූලක්‍ෂය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට බෙදයි

පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ පිපිරීම්වලින් විපතට පත් පුද්ගලයින්ගේ පවුල් වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාහට භාරදුන් යුරෝ ලක්‍ෂයක් (රුපියල් තුන්කෝටි අසූලක්‍ෂයක මුදල්) බෙදා ඇතැයි කොළඹ අගරදගුරු මැඳුරේ ආරංචි මාර්ග පවසයි.
මේ අනුව කටුවාපිටිය පවුල් 260ක්, කොළඹ කොච්චිකඩේ දෙව්මැදුරේ සිදුවූ බෝම්බ පිපිරීම් වලින් අගතියටපත් පවුල් 120ක් සඳහාත් මඩකලපුවේ සියොම් දෙව්මැදුරට පැමිණ සිටි බැතිමතුන් වෙනුවෙනුත් මෙම මුදල් පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති බ්‍රයන් උඩයික්වේ අගරදගුරුතුමාද මේ අවස්ථාවට සහභාගිවී ඇත.
226 Views
Comments