පැය 03ක විදුලි කප්පාදුව තවත් දික්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

පැය 03ක විදුලි කප්පාදුව තවත් දික්වෙයි

පැය 03ක විදුලි කප්පාදුව තවත් දික්වෙයි

විදුලි ජනනයට ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 03ක විදුලි කප්පාදුව හෙට(9) සිට මේ මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද(08) පස්වරුවේ පැවසීය.


ඒ අනුව ඉදිරි දින හතක් පැය 03ක්  විදුලිය කප්පාදු කරන බවත් ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් රත්නායක කීය.


කොළඹ නගර ද අයත් සීසී කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද (9, 10 13 යන දින හැර), එම්,එන්,ඕ,එක්ස්,වයි සහ ඉසෙඩ් යන කළාපවලට අළුයම 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 03ක් ද (9, 10 13 යන දින හැර), විදුලි කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කීය.

views

252 Views

Comments

arrow-up