බස්නාහිර රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නව SMS ක්‍රමයක්

කොවිඩ් ආසාදිත රෝගීන් ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ දත්ත රැස් කිරීමට සහ ඔවුන් නම් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම සඳහා නව කළමනාකරණ ක්‍රමවේදයක් අදසිට හදුන්වා දී තිබෙනවා.
01. මෙම නව ක්‍රමවේදය දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ඔස්සේ ක්‍රියාත්මක වේ.
02. කොවිඩ් -19 ආසාදිතයින් පහත තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩයක් 1904 දුරකථන අංකය ට යොසු කළ යුතුය.
අ. රෝග තත්ත්වයේ ස්වභාවය
I. ශ්වසන අපහසුතා ඇති රෝගීන් - A <space>
II.උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් - B
III.කිසිදු රෝග ලක්ෂණයක් නැති රෝගීන් - C
ආ. වයස <space>
ඇ . ජාතික හැදුනුම්පත් අංකය <space>
ඈ. ලිපිනය <space>
03. SMS මඟින් ලැබෙන තොරතුරු කොවිඩ් 19 රෝගය පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලැබේ.
04. රෝගීන් සපයන තොරතුරු වර්ගීකරණයෙන් පසු දුරකථන අංක 247 මඟින් ඔවුන් සම්බන්ධ කොට ගෙන රෝග තත්ත්වය නිශ්චයකර ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත. (ඒ සඳහා ගිලන්රථ සේවා සහ සෙසු ප්‍රතිකාර පහසුකම් සැලසෙයි)
05.වෛද්‍ය කණ්ඩායමක් නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන රෝගීන් සමඟ නිරතුරුව සම්බන්ධ වෙමින් අවශ්‍ය සේවා ලබාදෙනු ඇත. (මේ සඳහා වෙන් වු දුරකථන අංක 1390 ඔස්සේ එම පහසුකම් සලසනු ලැබේ.)
1285 Views
Comments