අරගලයට මුවා වී නීතිවිරෝධී වැඩ කළ 80ක් රටින් පැනලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

අරගලයට මුවා වී නීතිවිරෝධී වැඩ කළ 80ක් රටින් පැනලා

අරගලයට මුවා වී නීතිවිරෝධී වැඩ කළ 80ක් රටින් පැනලා

අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධවූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් ඇතුළු 80කට ආසන්න පිරිසක් මේ වනවිට විවිධ ක්‍රම මගින් විදේශයන්ට පලා ගොස් ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ගවලින් පැවසේ.

 

විදේශයන්ට පලා ගොස් සිටින මේ පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මේ දිනවල විශේෂ සෙවිල්ලක පසුවෙයි.

 

ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් ඇතුළු ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානවල සහායද ලබාගෙන තිබේ.

 

සමහරුන් විදේශයින්ට ගොස් ඇත්තේ විවිධ තර්ජන ගර්ජන ඇති බවට තානාපති කාර්යාලවලට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් යැයි දැනගන්නට ලැබේ.

 

ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළුවී සෙල්ෆි ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හරින ලදැයි කියන කෝටිපති ව්‍යාපාරිකයෙකු අප්‍රිකාවට පලාගොස් ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.

 

ඔහු මෙලෙස විදේශයට පලා ගොස් ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කිරීමත් සමග`ය.

 

මේ අතර අරගලයට සම්බන්ධ තවත් 200කට ආසන්න පිරිසක් විදේශගත වීම සඳහා තානාපති කාර්යාලවල රැකවරණ පතා ඇතැයිද වාර්තා වේ.

 

ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබා විනාශ කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් තවත් තිහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.

views

259 Views

Comments

arrow-up