සපුගස්කන්ද වැසීම නිසා එහි යන්ත්‍ර වලට බලපතල හානි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

සපුගස්කන්ද වැසීම නිසා එහි යන්ත්‍ර වලට බලපතල හානි

සපුගස්කන්ද වැසීම නිසා එහි යන්ත්‍ර වලට බලපතල හානි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිතර අක්‍රීය කිරීමත් යළි සක්‍රීය කිරීමත් තුළින් එහි මෙහෙයුම් පද්ධතියට විශාල හානියක් සිදුවිය හැකි බව ඛනිජ තෙල් උපදේශකවරයෙකු වන සිරිල් සුදුවැල්ල මහතා පවසයි.

 

ශ්‍රී ලංකාවේ සහ ජපානයේ ඛනිජ තෙල් උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන සිරිල් සුදුවැල්ල මහතා පෙන්වා දෙන්නේ එම තෙල් පිරිපහදුව සකස් කර ඇත්තේ වසර 2ක් නොකඩවා පවත්වාගෙන යාමට හැකිවන පරිදි බවය.

 

සිරිල් සුදුවැල්ල මහතා වැඩිදුරටත් පැවසුවේ,

 

"සපුගස්කන්ද තෙල් පිරිපහදුව හදලා තියෙන්නේ දවසකට බැරල් 50,000 ධාරිතාවෙන්. ඒකෙ මෙහෙයුම් ධාරිතාවය තියෙන්නේ වසර 2ක් නොකඩවා ක්‍රියාත්මක කරලා ඊට පස්සේ නඩත්තු කටයුතු වෙනුවෙන් ටික දවසක් වහන්න. අපි අවුරුදු 40ක් තිස්සේ කරගෙන ආවේ එහෙමයි."

 

"නමුත් මේ වගේ එකළඟ පිරිපහදුව වහන්නයි අරින්නයි ගියොත් පිරිපහදුවේ තාක්ෂණික ක්‍රියාවලියත් එක්ක මහ විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. ඒ වගේම එහි යන්ත්‍ර බිඳවැටෙන්න පුළුවන්."

views

712 Views

Comments

arrow-up