පාරිභෝගික අධිකාරි ලොක්කන් ගෑස් කාන්දුවීම ගැන රත්නපුරේ ගෑස් ගබඩා චෙක් කරයි

ගෑස් සිලින්ඩර කාන්දුවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි අනුව රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ගෘහස්ථ ගෑස් සපයන ගෑස් සමාගම් දෙකේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙක පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ නිලධාරීන් පරීක්ෂාවට ලක් කරමින් ගෑස් සාම්පල ලබා ගෙන තිබේ.
රත්නපුර කුරුවිට ප්‍රදේශයේ පිහිටි එම ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකෙන් අහඹු ලෙස ලබාගත් ගෑස් සිලින්ඩර කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරයට පසුගිය 29 වනදා යැවූ බව පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ ප‍්‍රධානි උදය නාමල්ගම මහතා සඳහන් කළේය.
ගෑස්වල සංයුතිය පරීක්ෂා කර අවශ්‍ය වුවහොත් නීතිමය පියවර ගන්නා බව ඔහු පැවසීය.
රත්නපුර දිස්ත්‍රික්කයේත් ගෑස් සිලින්ඩර කාන්දුවීම් අනතුරු පසුගිය දිනවල වාර්තා වී ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.
768 Views
Comments