සහල් ගබඩාවකට මුද්‍රා

ජුලි මාසයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව දේශීය හෝ ආනයනය කරන ලද සහල් සත්ව ආහාර සඳහා යොදාගැනීම තහනම් වෙයි.
ඒ තිබියදී දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගත් සහල් ගඩබාවක් ඒකල ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා ඇත.
සහල් මෙට්‍රික් ටොන් 21ක් මෙම වැටලීමේදී සොයාගෙන ඇත.
අදාළ සහල් තොගය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති අතර සැකකරුවන් ජනවාරි 06 වන දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
173 Views
Comments