15 හැවිරිදි දැරියකට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව ගම්පහ බෙම්මුල්ල බුලත්ගන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු හා තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම 27 හැවිරිදි සැකකරු බුලත්ගන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙම දැරිය සමඟ ජීවත්ව සිට තිබේ.
පෙරේදා (10) රාත්‍රියේ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් දැරියට බරපතල ලෙස පහර දී තිබේ.
පසුව සැකකරු රෝගාතුරව සිටි දැරිය ඊයේ (11) උදෑසන මෝටර් රථයකින් ගෙනවිත් ගම්පහ මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
දැරිය රෝහල් ගත කළ වහාම සැකකරුවන් පළා ගොස් ඇති අතර පසුව පොලිසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
187 Views
Comments