ණය ගෙවන්නේ නැතුව හැංගිලා ආතල් එකේ ඉන්න මිනිහෙක්

අපි ඉන්නේ හිම කන්දක නෙමෙයි. ගිනි කන්දක ඒ නිසා ගිනි කන්ද පුපුරන්න කලින් මේ ජනතාවත් අරන් ආරක්ෂිත තැනකට යන ක්‍රමය හොයාගන්න කියලා අපි ආන්ඩුවට කියනවා. එහෙම නොකොලොත් මේ සියල්ල ගිනි ගන්න දවස වැඩි ඈතක නෙමෙයි’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.
නාවල නිදහස කාර්යාලයේදී පැවැත් වූ මාධ්‍ය සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.
ජනාධිපතිතුමා, මේ ලඟදි කියල තිබුනා ටයිටැනික් නැව හිම කන්දේ හැපිලා දැන් අපි ඉන්නේ හිම කන්දේ කියලා. මම නම් හිතන්නේ එතුමාට වැරදිලා. මට හිතෙන්නේ අපි දැන් ඉන්නේ තෙල් ඉවර වෙලා මූදෙ ගිලෙන සබ්මැරීන් එකක වගේ කියලා. සබ්මැරීන් එක ඇතුලේ තාම ඔක්සිජන් තියෙන නිසා ඇතුලේ ඉන්න අය හිතනවා ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි ලඟදිම ඔක්සිජන් ඉවර උනාම ඔක්කොම මැරෙනවා. මම පැහැදිලි කරන්නම් ඇයි මම මෙහෙම කියන්නේ කියලා. මේ අවුරුද්ද පටන් ගන්න කොට අපට තිබුණා ඩොලර් බිලියන 7 ක් විදේශ ණය ගෙවන්න. ඉන් ඩොලර් බිලියන 3 ගෙව්වට පස්සේ රට බංකොලොත් කියලා අපි ඉතුරු බිලියන 4 ගෙවන එක පැහැර හැරියා. දැන් අපි ඉන්නේ ණය ගෙවන්නේ නැතුව හැංගිලා මිනිහෙක් ඉන්න ආතල් එකේ. හැබැයි හැමදාම ණය නොගෙවා ඉන්න බෑ කවදා හරි ගෙවන්න වෙනවා. අපිට මේ වන විට නොගෙවූ විදේශ ණය තියෙනවා ඩොලර් බිලියන 49 විතර. ඕවා ගෙවන්න පටන් ගත්ත දාට අවුරුද්දකට ඩොලර් බිලියන 7 ක් විතර ගෙවන්න වෙනවා. IMF එකෙන් ඩොලර් බිලියන 2.9 ක් ණය ගත්තා කියලා මේ ණය ඩොලර් බිලියන 49 ගෙවන්න බෑ. ඒක ගෙවන්න නම් රට සංවර්ධනය කරන්න ඕනේ සල්ලි හොයන්න. නමුත් දැන් රට සංවර්ධනය වෙනවද ? .රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති විදියට රට පාලනය කරපු 2015-2019 කාලේ රටේ ආර්ථික සංවර්ධන වේගය 5% සිට 2.3% ට අඩු උනා. ඊට පස්සේ 2020 කොවිඩ් ඇවිත් සංවර්ධන වේගය ඍණ උනා. හැබැයි 2021 රටේ ආර්ථික සංවර්ධන වේගය 3.6% ට වැඩි උනා. දැන් කොහොමද ආර්ථික සංවර්ධනය ? මහ බැංකු වාර්ථා අනුව 2022 පලවෙනි කාර්තු දෙක ඉවර වෙන කොට රටේ සංවර්ධන වේගය -8.1% යි. දැන් පුරෝකතනය කරන විදියට අවුරුද්ද ඉවර වෙන කොට වර්ධන වේගය – 8.4% වෙනවා. ඒ කියන්නේ ආර්ථිකය සංවර්ධනය වෙනවා වෙනුවට තවත් සංකෝචනය වෙලා. ඉතින් කොහොමද අපි ගොඩ එන්නේ. දැන බලන්න අපිට තිබුන මූලිකම ගැටලුව පහුගිය කාලේ ඩොලර් හිඟය. තෙල්, ගෑස්, ඖෂධ ඔක්කොම නැතු උනේ ඒ නිසා. දැන් කොහොමද අපිට ඩොලර් එන ප්‍රමාණය. 2020 අපට ඩොලර් බිලියන 7 ක විදේෂ ප්‍රේෂණ ලැබුනා. මේ අවුරුද්දේ පලමු භාගය ඉවර වෙනකොට ලැබිලා තිබුනේ ඩොලර් බිලියන 1.6 යි. ඒ කියන්නේ මොනම විදියකින්වත් මේ අවුරුද්ද තුල අපට ඩොලර් බිලියන 3.5 කට වඩා විදේශ ප්‍රේෂණ ලැබෙයි කියලා හිතන්න බෑ. එතකොට සංචාරක ව්‍යාපාරය ? 2018 අපට ඩොලර් බිලියන 4.3 ක ආදායමක් තිබුනා. මේ අවුරුද්දේ මුළු ලෝකෙම සංචාරක ව්‍යාපාරය දියුණු වෙමින් තිබුනත් අපේ එහෙම වෙන්නේ නෑ. 2022 අපට ඩොලර් බිලියන 1.5 කට වඩා ආදායමක් ලැබෙන පාටක් නෑ. දැන් යන විදියට මොකද තව මාස දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදියට ඉදිරියට අපේ ඩොලර් අර්බූධය තවත් දරුණු වෙනවා.
152 Views
Comments