විරෝධතා හේතුවෙන් ඉරිදා(10) දින දක්වා අයි.ඕ.සී ඉන්ධන බෙදා හැරීම අත්හිටුවයි

රට තුළ සැළසුම් කර ඇති විරෝධතා හේතුවෙන් ඉරිදා (10) දින දක්වා ඉන්ධන බෙදා හැරීම අත්හිටුවන ලෙසට උපදෙස් ලැබී ඇති බව ඉන්දියන් ඔයිල් සමාගම නිවේදනය කරනවා.
මේ දෙදින තුළ සිය සමාගම ඉන්ධන නිකුත් කරන්නේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා පමණක් බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ට්විටර් පණිවිඩයක් තබමින් සදහන් කරනවා.
මේ අනුව ඉන්ධන හල් වෙත ත්‍රිකුණාමලය පිහිටි එම සමාගමට අයත් තෙල් තොග ගබඩා පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම ඉරිදා ( 10) තෙක් සිදු නොවන බවද ඔහු සදහන් කරනවා.
කෙසේ නමුත් යළි ඉරිදා (10) දින සිට ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බවත් ඔහු සිය ට්විටර් පණිවිඩය හරහා සදහන් කරනවා.
225 Views
Comments