AUG
04
රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්‍ෂයට

කොළඹ - කුරුණෑගල මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
ඔහු විසින් පැදවූ මෝටර් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.
පොලිස් සැරයන්වරයා අලව්ව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ පොතුහැර, අහුගොඩ ප්‍රදේශයේ පදිංචි පොලිස් විශේෂ කාර්ය බලකායට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.
3397 Views
Comments