ශ්‍රී ලංකා - පාකිස්තාන වෙළඳ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවෙන් වාසි රැසක් (VIDEO)

පාකිස්ථාන සහ ශ්‍රී ලංකා වෙළඳ අමාත්‍ය කරන අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා.
ඒ වෙළඳ අමාත්‍යාංශයේ දීයි. මෙම සාකච්ඡාවේදී රටවල් දෙක අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් අපනයන කටයුතු සංවර්ධන මණ්ඩලය හරහා සිදුකිරීමට නියමිත වෙළඳ කටයුතු සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා අමාත්‍යවරුන්ගේ අවධානය යොමුවුණා.
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පාකිස්තාන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ දී රටවල් දෙක අතර ණය සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පාකිස්ථාන වෙළෙඳ අමාත්‍ය අබ්දුල් රසාක් මහතා එකඟත්වය පළ කළ බව විදේශ අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රී ලංකාවේ ස්ථානයට අපනයනය කෙරෙන බුලත් ඇතුළු නිෂ්පාදන කීපයක් සඳහා එරටදී පැනවෙන තීරු බදු නොවන අනෙකුත් බදු ඉවත් කිරීමට ද පාකිස්තාන වෙළඳ අමාත්‍යවරයා තීරණය කර ඇති බවයි සදහන් වන්නේ.
ඉදිරියේදී ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති වලට අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වැඩි අවස්ථාවක් සහ වෙළඳපලක් ලබාදීමේ හැකියාව පවතින බව පාකිස්තාන වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
633 Views
Comments