කතානායක සහ තවත් දේශපාලනඥයින් පිරිසක් එන්නත ලබාගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

කතානායක සහ තවත් දේශපාලනඥයින් පිරිසක් එන්නත ලබාගනී

කතානායක සහ තවත් දේශපාලනඥයින් පිරිසක් එන්නත ලබාගනී

අද දිනයේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ලබාගෙන තිබෙනවා.

 

දෙවැනි දිනටත් නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ දී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට එන්නත ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.

 

දෙමළ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාජා ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරුන් යුධ හමුදා රෝහලේ දී එම එන්නත ප්‍රතික්ෂේප කළ බව පවසා තිබෙනවා.

 

එමෙන්ම රෝහිණී කවිරත්න සහ රෝහන දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, ජයන්ත සමරවීර, ඩීවී චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක වීරසුමන වීරසිංහ, ගුණතිලක රාජපක්ෂ, චන්දිම වීරක්කොඩි, රංජිත් බණ්ඩාර සහ කුමාර වෙල්ගම යන අය අද දිනයේදී එන්නත ලබා ගැනීමට කටයුතු කළා.

views

639 Views

Comments

arrow-up