කථානායක කොවිඩ් එන්නත ලබා ගනී

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’එන්නත ලබා ගත් අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්ව සිටියේය.
කොවිඩ් වසංගතය මර්ධනය කිරිම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණය සිදු කෙරෙමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම සඳහා කථානායකවරයා මෙසේ එන්නත ලබා ගෙන තිබෙනවා
මෙම එන්නත ලංකාවට ලබාදීම සම්බන්ධව ඉන්දීය රජයට සිය ස්තුතිය පල කළ කථානායකවරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග දිර්ඝ ලෙස සාකච්ඡා කළේය.
අද (17) මධ්‍යහ්න 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන තිබෙනවා
694 Views
Comments