කසල ගොඩට දැමූ විදුලි බිල නිසා දස දහසක දඩයක්

විදුලි බිල්පතක් පරිසරයට මුදා හැරිම සම්බන්ධව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවෙකුට රුපියල් දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා නියෝග කර තිබේ.
විත්තිකරු අද(17) අධිකරණය හමුවේ වරද පිළිගත් බැවින් එම දඩය නියම කෙරිණි.
මෙලෙස රුපියල් දස දහසක දඩයක් ගෙවිමට නියෝග කරනු ලැබුවේ හැටන් හිජිරාපුර පදිංචි එස්. සෙල්වකුමාර් නැමත්තෙකුටය.
ඔහු හැටන් නගරයේ ඔහුගේ නිවසේ විදුලි බිල්පත පරිසරයට මුදා හැර තිබිණි.
හැටන් දික්ඔය මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා සැකකරුට එරෙහිව කසල පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් පරිසර පනත යටතේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර තිබුණි.
278 Views
Comments