වැසි ජල පහරට ගසාගෙන ගිය පුංචි සිඟිත්තා රෝහලේදී මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

වැසි ජල පහරට ගසාගෙන ගිය පුංචි සිඟිත්තා රෝහලේදී මරුට

වැසි ජල පහරට ගසාගෙන ගිය පුංචි සිඟිත්තා රෝහලේදී මරුට

එප්පාවල, සේනපුර වැසි දිය පහරකට ගසාගෙන යෑමෙන් රෝහල් ගතකර සිටි සිඟිත්තෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 28 වනදා සවස මියගොස් ඇති බව ඉපලෝගම පොලීසිය කියයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ නො. 48, යාය 04, සේනපුර පදිංචි අයි. භාග්‍ය දහම් සත්සර රාජපක්ෂ නැමති වයස අවුරුදු එකයි මාස හතරක පුංචි පිරිමි දරුවෙකි.

 

මෙම සිඟිති දරුවා තම අට හැවිරිදි සහෝදරයා සමඟ පසුගිය 24වනදා සවස මිදුලෙහි සෙල්ලම් කරමින් සිට තිබේ. 

 

ඉන්පසුව නිවස ඉදිරිපිටින් කුඹුරුවලට ජලය ගලා යන ඇලමාර්ගය අසලට නිවැසියන්ට හොරෙන් මෙම දරුවා ගොස් තිබේ. 

 

එහි ජලය නිකුත්කර නොතිබුනද වැසි ජලය පිරී තිබීමෙන් ජලය ගලාගොස් ඇත. එම වැසිජල පහරට මෙම දරුවා වැටී මීටර් 20ක් පමණ ජලයේ ගසාගෙන ගොස් ඇත.

 

දරුවා නිවසේ නොමැති බව දැනගත් නිවැසියන් දරුවා සොයන විට ඇල හරහා වැටී තිබූ කෙසෙල් කොටයක රැඳී සිටියදී දරුවා සොයාගෙන තිබේ.

 

 එම දරුවා සේනපුර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර සිදුකර කැකිරාව මූලික රෝහලට මාරුකර යවා ඇත.

 

කැකිරාව රෝහලෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව එහි දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මෙසේ මියගොස් ඇත.

 

මියගිය දරුවාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරී විසින් සිදුකර ඇති අතර දරුවාගේ ශරීර කොටස් රජයේ රසපරීක්ෂක වෙත යොමුකරන මෙන් නියෝග කර ඇත.

views

838 Views

Comments

arrow-up