කහ දහයියා කරන්න ගිය දෙදෙනෙක් මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

කහ දහයියා කරන්න ගිය දෙදෙනෙක් මාට්ටු

කහ දහයියා කරන්න ගිය දෙදෙනෙක් මාට්ටු

දහයියා අතර සඟවාගෙන වියලි කහ කිලෝ 1074ක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මඩු කුංචිකුලම් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සැකකටයුතු ලොරිය හමුදා පොලිස් මාර්ග බාධකයේ දී නවතා පරික්ෂා පරීක්ෂා කිරීමේදී එහි ගෝනි 40ක සඟවා තිබු මෙම කහ තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 සහ 33 යන වයස්වල පසුවන තිහාරිය සහ රුක්ගහවිල පදිංචිකරුවන් වේ.

views

784 Views

Comments

arrow-up