වැසි සහිත කාලගුණය තවදුරටත් - අකුණු මඟින් සිදුවන අනතරු අවම කරගැනීමට හැකි පියවර ගන්නා ලෙස ඉල්ලීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

වැසි සහිත කාලගුණය තවදුරටත් - අකුණු මඟින් සිදුවන අනතරු අවම කරගැනීමට හැකි පියවර ගන්නා ලෙස ඉල්ලීමක්

වැසි සහිත කාලගුණය තවදුරටත් - අකුණු මඟින් සිදුවන අනතරු අවම කරගැනීමට හැකි පියවර ගන්නා ලෙස ඉල්ලීමක්

උතුරු සහ උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

තවද දකුණ, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

 

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

 

උතුරු සහ උතුරු-මැද පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැක.

 

කොළඹ සිට පුත්තලම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල වල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි.

 

සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50පමණ දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන්රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

views

605 Views

Comments

arrow-up