ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නැහැ - රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාර්ලිමේන්තවේු විවාදයකට එක්වෙමින් ඊයේ (05) පැවසීය.
සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව විපක්‍ෂයෙන් යොමු වූ විවේචනවලට පිළිතුරු දෙමින් නිමල් ලංසා ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“ලංකාවට එක සංචාරකයො අපි දාන ඔක්කොම නීතිවලට අනුව එන්න ඒ ගොල්ලන්ට පිස්සු නෙමෙයිනේ.
දවස් 14 ක් බුදියන්න. එහෙම එනවද බුදියන්න.
එක එක්කෙනාට නීති දාන්න පුඵවන්.
ඒ නීතිවලට යටත්වෙලා සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න බෑ”
“හර්ෂ මන්ත්‍රිතුමා කියනවා සංචාරකයො දින 14 ක් තියන්න ඕන කියලා.
ඔබතුමා දන්නවා සංචාරකයෝ පසුගිය ඉතිහාසය පුරා ඇවිත් තියෙන්නේ දින 10 යි, 12 යි, 14 යි.
ඔබතුමාලා කියන්නේ සංචාරකයා පැය ගාණක් ඇවිල්ලා, කාමර ඇතුළෙ නිදියගෙන ඉඳලා ආපහු යන්න කියලද?
එහෙම සංචාරකයන්ට පිස්සුවක් නෑ බුදියගෙන ඉදලා යන්න”
655 Views
Comments