කොරෝනාට එරෙහිව දේශීය ඖෂධ 37ක් පිළිබඳ පර්යේෂණ තවදුරටත්

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි බවට පැවසෙන දේශීය ඖෂධ වර්ග පිළිබඳව දුරටත් පර්යේෂණයන් සිදු කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.
මේ වන විට දේශීය ඖෂධ වර්ග තිස් හතක් පිළිබඳව වැඩි දුරටත් පර්යේෂණ සිදුකෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ සඳහා දේශීය ආයුර්වේද අමාත්‍යංශයේ කමිටුවක්ද පත් කර තිබෙනවා.
ඊයේ ශ්‍රී පාද සමය ආරම්භ කරමින් වන්දනාව සඳහා දේශීය ඖෂධ වර්ග 108 කින් යුත් ඖෂධ මංජුසාවක් පූජා කිරීමෙන් පසු අමාත්‍යවරයා උඩ මළුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
589 Views
Comments