DEC
23
අලුත උපන් බිළිඳුන් අලෙවි කළේ යැයි කියන පුද්ගලයාට ඇප

අලුත උපන් බිළිඳුන් තිස් දෙනකු මුදලට අලෙවි කළ යැයි කියමින් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ඇප මත මුදාහැර තිබෙනවා.
අදාළ සැකකරු ඉරිදා රාත්‍රියේ මාතලේ උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.
අලුත උපන් බිළිඳෙකු රුපියල් ලක්ෂ එකහමාරත් ලක්ෂ තුනක් අතර මුදලකට අලෙවි කර ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
අදාල ස්ථානයේ ගබ්සා සිදුකර ඇති බවට ද එම ස්ථානයේ සිටි නිලධාරිණියකගෙන් තොරතුරු ලැබී තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ජනවාරි 4වනදා යළි කැඳවීමට නියමිතයි.
687 Views
Comments