උත්සව සමයේ සෑම පවුලකටම ණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

උත්සව සමයේ සෑම පවුලකටම ණයක්

උත්සව සමයේ සෑම පවුලකටම ණයක්

උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරාගැනීම සඳහා සෑම පවුලකටම සහන පොලියට මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි.
ණය සම්පාදනය කාණ්ඩ 03ක් යටතේ සිදු කෙරේ. 

 


මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීනට රුපියල් 50,000ක ණයක් ගැනීමට හැකිය. 

 


මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000  සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය සැපයේ. 

 


මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩුනම් ණය මුදල රුපියල් 10,000කි. 
ණය සපයනුයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගිනි.

 


 
පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවකයන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුය. 

 


"ආයතන ප්‍රධානියා තම සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එකී බැංකු ශාඛාව විසින් සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ලැබේ".

 

 

ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතුය. 

 


අය කෙරෙන මාසික පොලිය සියයට 0.625 කි. 2021 ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කර ගැනේ.

 

views

970 Views

Comments

arrow-up