ETI හිටපු අධ්‍යක්ෂක නාලක එදිරිසිංහ මහතා CIDයට භාරවේ

ETI සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇතිබව වාර්තා වේ.
මේ අතර, ජීවක එඳිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඊයේ (05) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණි.
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් ලබාදී තිබුණි.
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා ඊයේ පොලිස්පතිට උපදෙස් ලබාදී තිබේ.
ඒ, රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළවය.
එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකිරීමටද නීතිපතිවරයා තිරණය කර ඇති බව වාර්තා විය.
අද දෙරණ
595 Views
Comments