හිටපු ජනපති ගෝඨාභය ලබන මස යලි ලංකාවට, කොළඹින් නිල නිවසක් ඇතුලුව වරප‍්‍රසාද සියල්ල සූදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

හිටපු ජනපති ගෝඨාභය ලබන මස යලි ලංකාවට, කොළඹින් නිල නිවසක් ඇතුලුව වරප‍්‍රසාද සියල්ල සූදානම්

හිටපු ජනපති ගෝඨාභය ලබන මස යලි ලංකාවට, කොළඹින් නිල නිවසක් ඇතුලුව වරප‍්‍රසාද සියල්ල සූදානම්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන මසදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේය.


මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.


ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබීමට නියමිතව තිබේ.

 

ඒ අනුව ඔහුට හා ඔහුගේ බිරිදට කොළඹින් නිල නිවසක්, ආරක්‍ෂක බල ඇණියක්, වාහන ඇතුළු වරප‍්‍රසාද රැසක් හිමි වෙයි.

 

දැනට විදෙස්ගතව සිටින ගෝටාභය රාජපක්‍ෂ විසින් ඉල්ලා සිටින අවස්ථාවක මෙම පහසුකම් ලබා දීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

views

1446 Views

Comments

arrow-up