තරුණයෙක්ට මරු කැඳවූ මුලතිව් වෙඩි තැබීම

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ විශ්වමඩු නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා තවත් පුද්ගලයෙකු සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබෙන අතර එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
718 Views
Comments