පක්ෂ විපක්ෂ මැති ඇමතින් රට පෝලිමේ - තව පිරිසක් නුවරඑළි යන්න පොරකති
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

පක්ෂ විපක්ෂ මැති ඇමතින් රට පෝලිමේ - තව පිරිසක් නුවරඑළි යන්න පොරකති

පක්ෂ විපක්ෂ මැති ඇමතින් රට පෝලිමේ - තව පිරිසක් නුවරඑළි යන්න පොරකති

පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් 60කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂ අවසාන නිවාඩුව ගත කිරීමට විදේශ ගතවීමට සූදානම් වෙමින් ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

 

මෙලෙස විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටින මැති ඇමැතිවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අයද සිටී.

 

ඇමෙරිකාව, එංගලන්තය ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන දූ දරුවන් බලා ගැනීම සඳහා තමන් නිවාඩු කාලයේදී ඒ රටවලට යෑමට බලාපොරොත්තුවන් සිටින බව මන්ත්‍රීවරු කීපදෙනෙක් පවසා ඇත.

 

මේ අතර නිවාඩුව ගත කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් නුවරඑළියට යෑමට එහි සෙන්පති නිවෙස වෙන් කරවා ගෙන ඇති බවටද එම ආරංචි මාර්ගවල සඳහන්වේ.

 

සෙන්පති නිවස යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවේක ගැනීම සඳහා පිහිටුවනු ලැබ ඇති ලැගුම්හලයි.

 

එම ලැගුම්හල මේ මස 31 වෙනිදා දක්වා වෙන්කරවා ගැනීම අවසන් කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීන් පවසයි.

 

පාර්ලිමේන්තු කටයුතු අවසන්වීම නිසා මන්ත්‍රීවරුන්ට ලැබී ඇති නිවාඩු කාලය මාසයකට වැඩිය.

views

733 Views

Comments

arrow-up