ක්‍රිකට් ගැන නාමල් තීන්දු කිහිපයක් ගනියි - කොන්ත්‍රාත් පිරිනමන්නේ දක්ෂතාවය අනුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
27

ක්‍රිකට් ගැන නාමල් තීන්දු කිහිපයක් ගනියි - කොන්ත්‍රාත් පිරිනමන්නේ දක්ෂතාවය අනුවයි

ක්‍රිකට් ගැන නාමල් තීන්දු කිහිපයක් ගනියි - කොන්ත්‍රාත් පිරිනමන්නේ දක්ෂතාවය අනුවයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තීන්දු කිහිපයක් ගෙන ඇති බව මාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

 

ඒ පිළිබඳවශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තේරීම් කමිටුව හා ජාතික පුහුණුකරු එක්ව සාකච්ඡාව පවත්වා තිබෙනවා.

 

එහිදී ගත් තීරණ අතර

  • නව තේරීම් කමිටුවක් පත් කිරීම,
  • වඩාත් තරගකාරී දේශීය හා ප්‍රාදේශීය තරගාවලි පැවැත්වීම,
  • විනය හා ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවට ප්‍රමුඛතාවය දීම,
  • දක්ෂතාවය අනුව කොන්ත්‍රාත් පිරිනැමීම
  • හා ප්‍රධාන පුහුණුකරුට සහාය වීමට අධ්‍යක්ෂවරයෙක් හා උපදේශකවරයෙක් පත් කිරීම වනවා.

 

මාතරදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා....

 

” 2014 වන විට අපි ලෝක ශුරයින්, 2015 වසරේ ආණ්ඩු පෙරළියත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමකට ලක්වුණා. එහිදී ක්‍රීඩාව දේශපාලනීකරණය වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටුණා කියලා කිව්වොත් නිවැරදි. නමුත් අපි කොහොම හරි ක්‍රිකට් ක්‍රීඩාව යලි පෙර තිබු ලෝක ශුරයින් කියන මට්ටමටම රැගෙන එනවා. ඒක මාස 2-3ක් තුලදී කරන්න පුළුවන් දෙයක් නෙමේ. කාලයක් ගත වෙනවා. අනිත් එක ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරලා අතුරු කමිටුවක් පත් කරන්න කියලා ගොඩක් අය කියනවා. එහෙම වෙනවා කියන්නේ ඇමතිවරයා කෙලින්ම එතට ඇගිලි ගහනවා කියන එක. මම එහෙම කරන්න කැමති නැහැ, හැබැයි අවශ්‍ය උනොත් අතුරු කමිටුවක් පත් නොකර ඉන්නෙත් නැහැ. ඒ වගේම මම අර්ජුන රණතුංග මහත්තමයාට ආරාධනා කරනවා ක්‍රිකට් ගොඩනැගීමේ සැලැස්මට එන්න එක්තුවෙන්න කියලා” යනුවෙන් පැවසීය.

views

833 Views

Comments

arrow-up