ජනපති-අගමැති ඇමෙරිකානු ජනපතිට සුබ පතයි

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන් ට හා උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් එක්කර තිබෙනවා
ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් සඳහා එකට වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි දක්වා තිබෙන්නේ.
අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන් ට හා උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් එක්කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දක්වා තිබේ.
623 Views
Comments