සිරියාවේ මළවුන්ගේ භූමිය

ලෝකයේ වඩාත් කතාබහට ලක් වන රට මැද පෙරදිග පිහිටි සිරියාවය. 2014 වසරේ සිට සිරියාවේ දරුණු ගැටුම් ඇවිළෙයි. මේ සටහන සිරියානු අර්බුදය ගැන නොව, සිරියාවේ මළවුන්ගේ භූමිය ගැනයි. මළවුන්ගේ භූමියේ නටබුන් වුණු ඉදිකිරීම් දකින්න ලැබේ. මෙම ඉදිකිරීම් අවුරුදු 10,000 කට වඩා පැරැණිය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ, මේවා ඊජිප්තු පිරමීඩවලටත් වඩා පැරැණි බවයි.
නටබුන් වූ ගොඩනැගිල්ලේ ඇති ගල් කැටයම් සහ ගල් කුලුනු විස්මිතය. විස්මිත නිසා ඒවායේ අබිරහස් රැසක් ගැබ් වී ඇතැයි පැවැසෙයි. මෙහි ඇති ඉදිකිරීම් කවුරුන් විසින් කරනු ලැබූ ඒවාදැයි හෝ කැටයම්වලින් කියා පාන්නේ මොනවාදැයි කියා හෝ මෙතෙක් අනාවරණය වී නැත. ගලින් නිර්මාණය කළ මෙම ඉදිකිරීම් පළමුවෙන්ම සොයා ගැණුනේ 2009 වසරේදීය. නටබුන් පිහිටි මළවුන්ගේ භූමිය ඇත්තේ කාන්තාර ප්රදේශයකය. කැටයම් රැසක් මෙම ස්ථානයේ ඇති අතර, නටබුන් පළමුවෙන් සොයා ගත්තේ පුරාවිද්‍යාඥ රොබට් මේසන් ඇතුළු ගවේෂණ කණ්ඩායමය. මේසන්, රාජකීය ඔන්ටේරියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. මහාචාර්ය මේසන් බලාපොරොත්තුවෙන් සිටින්නේ සිරියාවේ ගැටුම් අවසන් වූ සැණින් යළි මෙම මළවුන්ගේ භූමියට ගොස් ගවේෂණ සිදු කිරීමටය.
මහාචාර්ය මේසන් අනුමාන කරන අන්දමට, ගල් කැටයම් හා ගල් කුලුනු අයත් වන්නේ නව ශිලා යුගයේ අවසන් කාලයට හෝ ලෝකඩ යුගයේ මුල් අවදියටය. එනම්, වර්ෂ 6,000 සිට 10,000 තෙක් කාලයටය. නටබුන් අතර ඇති ගල් කුලුනු නිර්මාණය කර තිබෙන්නේ ඒ අවට හමුවන කළුගල් හෝ හුණුගල් හෝ නොවෙයි. ඒ අසල ගල් වලවල් ද නැති බව පැවැසෙයි. නටබුන් පිහිටා ඇත්තේ සිරියාවේ ඩමැස්කස් අගනුවර සිට සැතපුම් 50 ක් උතුරිනි. නටබුන්වලට ආසන්නයෙන් පිහිටා ඇත්තේ බාකා නමැති ගම්මානයයි. බාකා ගම්මානය අසල ද අයි.එස්. ත්රස්තවාදීන් සහ සිරියානු රජයේ හමුදා අතරේ දරුණු අවි ගැටුම් සිදුවූ බව පැවැසෙයි.
මෙම භූමියේ නුදුරින් නටබුන් වූ දෙව් මැදුරක් ද ඇත. දීර් මාර් මූසා යනුවෙන් එය හැඳින්වෙයි. එය 19 වැනි සියවසේදී ක්‍රිස්තියානු බැතිමතුන් විසින් ඉදිකරනු ලැබූ පැරැණි දේවස්ථානයකි. එය ඉදිකරන්න ඇත්තේ රෝමානුවන් යැයි ද තවත් මතයකි. මෙය දේවස්ථානයක් නොව මුරඅට්ටාලයක් වන්නට ඇතැයි මේසන් ඇතුළු පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. අද එය ද විනාශ වී නටබුන් වී ඇත. එසේ වන්නට ඇත්තේ භූමිකම්පාවකින් යැයි මහාචාර්ය මේසන් පැහැදිලි කරයි. ඔහුට මරණයේ භූමියේ පිහිටි නටබුන් හමුවුණේ මේ ඉපැරණි රෝම මුර අට්ටාලය සොයා ගිය ගවේෂණයකදී අහම්බෙන් යැයි ද පැවැසෙයි. සිරියාවේ පිහිටි මෙවැනි ඓතිහාසික ස්ථාන ත්‍රස්තවාදය නිසා විනාශ වී යාමේ අවදානමක ට පත්ව තිබේ.
By : Diliki Shamani
Photo Source : Internet
729 Views
Comments