හින්දු භක්තිකයින් සමරන තෛපොංගල් දිනයට ජනපතිගෙන් සුබ පැතුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
14

හින්දු භක්තිකයින් සමරන තෛපොංගල් දිනයට ජනපතිගෙන් සුබ පැතුම්

හින්දු භක්තිකයින්  සමරන තෛපොංගල් දිනයට ජනපතිගෙන්  සුබ පැතුම්

දමිළ - හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය ජනපති අගමැති විපක්ෂ නායක සුබ පැතුම් එක්  කර තිබෙනවා

 

තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වු නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිරවීමෙන් තමන්ටත් තම පවුලටත් රටටත් සහ සමස්ත ලෝකයාටත් සෞභාග්‍යය උදා වේවා යන්න තෛපොංගල් උත්සවය සමරන දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනාව බවයි

 

ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදාකිරීම තමාගේත්, රජයේත් ඒකායන ප්‍රාර්ථනාව බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

 

කළගුණ සැලකීම ශ්‍රී ලාංකේය සමාජයට අනන්‍ය වූ ලක්ෂණයක් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ, නෙලාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුද කෙරෙන තෛපොංගල් උත්සවය අපේ සමාජය අනාදිමත් කලක සිට අගය කරන සාරධර්ම සංඛේතවත් කරන බවය.

 

එබැවින් තෛපොංගල් උත්සවය ජාතික සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

 

මේ අතර තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ස්වභාවධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානූෂිය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබාදෙන බවයි.

 

ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙකාට වෙනස් වුවද අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමාන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අභියෝගාත්මක කාල වකවානුවක වුවද සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියලු ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කිරීම උදෙසා රජය ඇප කැපවී සිටින බවය.

 

තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ " අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර  පරමාර්ථයන්ට අනුව සැකසී ඇති බවය.

 

මහජනයා අතර සුහදත්වය මෙන්ම, අන්‍යෙන්‍ය අවබෝධය උදාකර ගතහැකි උග්තුංග අවස්ථාවක් ලෙසද තෛපොංගල් උත්සවය හඳුනාගත හැකි බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

 

views

615 Views

Comments

arrow-up