PCR වලට විකල්පයක් ලෙස මිනිත්තු 20 ප්‍රතිපල එන “rapid antigen test” යොදාගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

PCR වලට විකල්පයක් ලෙස මිනිත්තු 20 ප්‍රතිපල එන “rapid antigen test” යොදාගනියි

PCR වලට විකල්පයක් ලෙස  මිනිත්තු 20 ප්‍රතිපල එන  “rapid antigen test” යොදාගනියි

පීසීආර් පරීක්ෂණයට විකල්ප ක්‍රමවේදයක් ලෙස “rapid antigen test” හෙවත් මිනිත්තු 20ක් වැනි කාලයක් තුළ දී ප්‍රතිඵල ලබා ගත හැකි “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය” යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

 

රැපිඩ් පරීක්ෂණ කට්ටලක මිල රු.1,200ක් පමණ වන අතර විනාඩි 20 පමණ කාලයකින් ප්‍රතිඵල ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. කෙසේ වෙතත් මේ වනවිට එම යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළා.

 

යම් පුද්ගලයෙක් කොවිඩ් -19 ආසාදිතයකු ද? නැද්ද? යන්න තහවුරු කරගැනීම සඳහා කළ යුත්තේ පීසීආර් පරීක්ෂණයක් වන අතර යම් පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාදිතයකු විය හැකිද? නැද්ද? යන්න පමණක් රැපිඩ් පරීක්ෂණයකින් දැනගත හැකිවනු ඇත. විශාල පිරිසක් එකවර පරික්ෂා කිරීමේ දී මෙම ක්‍රමය වඩාත් සාර්ථක විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක පවසනවා.

 

මෙම ක්‍රමවේදයේ දී යම් පුද්ගලයෙකුගෙන් ලබාගන්නා සාම්පල එම ස්ථානයේදීම අදාළ පරික්ෂණ කට්ටලයේ ඇති රසායනික සංයෝග සමග මිශ්‍රකර විනාඩි කිහිපයක් තිබෙන්නට හැරීමෙන් එම පුද්ගලයා ආසාදිතයෙකු විය හැකි ද යන්න දැනගත හැකිවේ.

 

එම පරීක්ෂණ යොදාගැනීමට අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ආයතනවල ලක්ෂ 8කට ආසන්න සේවකයන් පරීක්ෂා කිරීමටයි. කර්මාන්ත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම එහි අපේක්ෂාව වී ඇති බව පැවසේ.

 

එසේම විශාල සේවක පිරිසක් පරීක්ෂා කළ යුතු බැවින් මේ සඳහා එම ක්‍රමය වඩාත් සාර්ථක බවට මත පළ වෙයි. කෙසේ වෙතත් මෙම රැපිඩ් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ මෙය ගජ මිතුරු සමාගමක් හරහා සිදුවන බවයි. වසංගතය වසන්තයක් කර ගැනීමට කරනු ලබන උත්සාහයක් බවට ද මන්ත්‍රීවරයා චෝදනා කර සිටියා.

 

 

views

714 Views

Comments

arrow-up