ඊයේ දින වාර්තාවූ රෝගීන්ගේ තොරතුරු - මුළු රෝගීන් ගණන 582
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
30

ඊයේ දින වාර්තාවූ රෝගීන්ගේ තොරතුරු - මුළු රෝගීන් ගණන 582

ඊයේ දින වාර්තාවූ රෝගීන්ගේ තොරතුරු - මුළු රෝගීන් ගණන 582

‍ඊයේ (29) හඳුනාගත් ආසාදිතයින් 586 දෙනාගෙන් 209 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

ඒ අනුව කොටහේන ප්‍රදේශයෙන් 37 දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 32ක්, දෙමටගොඩින් 20ක්, මරදානෙන් 9ක්, නාරාහේන්පිට 18ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 10ක්, ග්‍රෑන්ඩ්පාස් 10ක්, පිටිපන 15ක්, පමුණුගම 13ක් හා තලාහේන ප්‍රදේශයෙන් 8 දෙනෙක් ද වන බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 199 දෙනෙකු ඊයේ හඳුනාගත් පිරිස අතර වේ.

 

ඉන් 58 දෙනෙකු වාර්තා වන්නේ මීගමුව ප්‍රදේශයෙනි. ඒ අතර, සීදුව 11ක්, කටුනායක 14ක්, මිනුවන්ගොඩ 6ක්, වත්තල 13ක්, කොච්චිකඩේ 8ක්, ජා ඇළ 10ක්, උස්වැටකෙයියාව ප්‍රදේශයෙන් 13ක් හා කඩවතින් 8 දෙනෙක් වාර්තා වී තිබේ.

 

මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් 46 දෙනෙකු, බදුල්ල දිස්ත්‍රික්කයෙන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇත.

 

නුවරඑළිය, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් දෙදෙනෙකු බැගින් ද කෑගල්ල, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.ඊයේ දිනයේ දී ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශවල සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.

 

views

836 Views

Comments

arrow-up