සිල් රෙදි නඩුවේ අභියාචනා පිළිබඳ තීන්දුව නොවැම්බර් 13
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
23

සිල් රෙදි නඩුවේ අභියාචනා පිළිබඳ තීන්දුව නොවැම්බර් 13

සිල් රෙදි නඩුවේ  අභියාචනා පිළිබඳ තීන්දුව නොවැම්බර් 13

2015 ජනාධිපතිවරනය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සදහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් වංක ලෙස සාවදය පරිහරනය කිරීමේ චෝදනා සහ සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනා වලට වැරැදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධයක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය එම තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනු කළ අභියාචන පෙත්සම් වල තීන්දුව නොවැම්බර් මස 13 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද දින නියම කරනු ලැබුවා.

 

 

මෙම අභියාචන පෙත්සම් වලට අදාළ දෙපාර්ශවයේ වාචික දේශන මේ වන විට අවසන් කර ඇති අතර ලිඛිත දේශන ඇත්නම් ඒවා ලබන සදුදා වන විට ගොනු කරන ලෙසට අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය නියෝග කරනු ලැබුවා.

 

 

කොළඹ මහාධිකරණය විත්තිකරුවන් සම්බන්ධයෙන් ලබා දුන් නියෝගය දෝෂ සහිත බව පවසමින් තමන්ට එරෙහිව ඇති තීන්දුව අත් හිටුවා චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට විත්තිකරුවන් දෙදෙනා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

 

 

මෙම චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ට වසර තුන බැගින් බරපතළ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කරනු ලැබ තිබුණා. සිර දඩුවම් වලට අමතරව විත්තිකරුවන් දෙදෙනාට වෙන වෙනම රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ මුදලක් ගෙවීමට ද මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර සිටියේ.

 

 

තවද මෙම මුදල් සාවද්‍ය සාපරාධී ලෙසට පරිහරණය කිරීම තුළින් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වූ පාඩුව ගෙවීමට විත්තිකරුවන්ට වෙන වෙනම එම කොමිෂන් සභාවට රුපියල් මිලියන 50 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසට ද මහාධිකරණය විත්තිකරුවන්ට නියෝග කළේ.

 

 

 

views

664 Views

Comments

arrow-up