එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ නව ගුවන් හමුදාපති ධුරයට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (29 වැනිදා) මෙම පත් කිරීම කරනු ලැබීය.
ගුවන් හමුදාව සතු ප්‍රහාරක ජෙට් යානා මෙහෙයවමින් ඊළාම් යුද ඉතිහාසයේ දක්ෂතා පෙන්වූ නව ගුවන් හමුදාපතිවරයා මෙරටට පළමු මිග් 27 යානාව රැගෙන ආ නිලධාරියාද වෙයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 1990 දී සුපර්සොනික් වර්ගයේ F7 ප්‍රහාරක යානා රැගෙන ඒමේ දී තෝරාගත් පළමු ගුවන් නියමුවන් හය දෙනා අතරට ද ඔහු ඇතුළත් විය. 1995 දී කෆීර් ජෙට් යානා රැගෙන ඒමේ දී එහි නියමුවකු ලෙසද තේරුනු හෙතෙම කෆීර් ජෙට් බලගණයේ අණදෙන නිලධාරියාද විය.
ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් බලගණ සියල්ලේම දක්ෂ නියමුවකු වූ හෙතෙම මෙහෙයුම් අධ්‍යක්ෂ, ඇතුළු ඉහළ තනතුරු හොබවමින් මාණ්ඩලික ප්‍රධානී තනතුර දක්වා පැමිණි අයෙකි.
එළැඹෙන 02 වැනිදා නව ගුවන් හමුදාපතිවරයා සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි
576 Views
Comments