අවමංගල්‍ය උත්සවයකට ගිය 15කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
23

අවමංගල්‍ය උත්සවයකට ගිය 15කට කොරෝනා

අවමංගල්‍ය උත්සවයකට ගිය 15කට කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයාගේ බලපිටිය, කටුවිල ප්‍රදේශයේ සිටි ඥාතිකයෙකු ගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි සඳහන් කර සිටිනවා.

 

 

මෙම ආශ්‍රිතයාගේ ඉදිරි පෙළ පළමු පෙළ ආශ්‍රයෙන් 52ක් පිි.සි ආර් පරීක්ෂණ සඳහා ලක් කළ බවත් ඉන් 34 දෙනකුගේ පි.සි ආර් පරීක්ෂණ වාර්තා ඊයේ (22) රාත්‍රියේ ලැබූණු බව ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා සඳහන් කළේ. එම පරීක්ෂණ වාර්තා වලට අනුව 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ඔහු සඳහන් කළේ.

 

 

තවත් 18 දෙනෙකුගේ පි.සි ආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේ.

 

 

මෙකී තත්ත්වය යටතේ කටුවිල ග්‍රාම නිලධාරී වසම සඳහා දැඩි සංචරණ සිමා පනවා ඇති බව ප්‍රාදේශීය වසංගත රෝග ඒකකයේ වෛද්‍යවරයා සඳහන් කළේ.

 

 

ඉකුත් 16 වෙනිදා කොළඹ නැව් තටාංගන ආයතනයේ සේවය කළ මෙම සේවකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගනු ලැබුවා. ඉන් පසු මෙම ආශ්‍රිතයා ගේ පවුලේ අය ඇතුළු 09 දෙනෙකුගේ පිසිආර් පරීක්ෂණ සිදුකළා.

 

 

එම පරීක්ෂණ වාර්තා අනුව එම සේවකයාගේ ගේ දෙමව්පියන්ට සහ බිරිඳ යන තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. දැනට කටුවිල ග්‍රාම නිලධාරී වසමට අයත් නිවාස 90ක පූද්ගලයින් 250දෙනකු පමණ ස්වයං නිරෝධයට ලක් කොට තිබෙනවා. මෙම තත්ත්වය තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රජාව ගේ සහයෝගය අවශ්‍ය වෙනවා. එම නිසා සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව කටයුතු කරන ලෙස කටුවිල ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

අද දිනයේදී මෙම ප්‍රදේශයේ පළමු පෙළ හා දෙවැනි පෙළ ආශ්‍රිතයින් ගේ පි.සි ආර් පරීක්ෂණ සිදුකරනු ලබනවා. අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ යම් අයෙකුට උණ කැස්ස උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම්නිවසේ සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා යැයි මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි සඳහන් කර සිටිනවා.

 

 

views

812 Views

Comments

arrow-up