DEC
03
ලබන වසරේ සිට පාස්පෝට් අයදුම්පත් භාර ගැනීම ඔන්ලයින් ක්‍රමයට

ලබන වසරේ සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලබන වසරේ සිට අයදුම්කරුවන්ට තම නිවසේ සිටම තම අයදුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙණු ඇත.
කෙසේ නමුත් අයදුම්කරුවන්ට ඇඟිලි සලකුණු වැනි ජෛවමිතික විධිවිධාන සඳහා පමණක් දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු අතර ඒ සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීමට සෑම දිස්ත්‍රික්කයකට ම කාර්යාල කවුන්ටර් 50ක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
313 Views
Comments