අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තොත් මරණ දඬුවම
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තොත් මරණ දඬුවම

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තොත් මරණ දඬුවම

 

පාසල් සිසුන් ඇතුළු ඕනෑම කෙනෙක් මින් ඉදිරියට අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 5ක ප්‍රමාණයක් ළඟ තබා ගතහොත් මරණ දඬුවම ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලබා දී ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.

 

මෙම සංශෝධනය රජය විසින් සිදු කළේ මෙරට අනාගත ළමා පරපුර ගැන සිතා බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

 

ඒ මහතා ප්‍රකාශ කළේ 2022 අංක 41 දරන විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත පසුගිය (23) දින සිට ක්‍රියාත්මක බවයි.

 

ශ්‍රී ලංකාව මේ වන විට මත්ද්‍රව්‍ය හේතුවෙන් දැඩි ප්‍රශ්ණයකට මුහුණ දී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

views

267 Views

Comments

arrow-up