NOV
26
දළදා මාළිගාවේ විදුලි බිල ලක්ෂ 28යි..! ගෙවන්න බෑ...! - දියවඩන නිලමේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා විදුලි බිල ගෙවීමට නොහැකි බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.
ඒ මහතා කොමිසම වෙත දන්වා ඇත්තේ ඔක්තෝම්බර් මාසය සඳහා මාලිගාවේ විදුලිබිල රුපියල් ලක්ෂ 28ක් පැමිණ ඇති බවයි.
මේ නිසා එම බිල්පත සංශෝධන කරන ලෙසයි නිලමේවරයා කොමිසම වෙත දැනුම් දී ඇත්තේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෑතක දී විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
170 Views
Comments