කොරෝනා සුව වී දින 2කින් තරුණියක් මිය යයි

කොරෝනා ආසදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් දින 2කට පසුව නිවසේදී ඇති වූ හදිස්සිරෝගී තත්වයක් හේතුවෙන් තරුණියක් අද (17) දිනයේ මියගිය බව රිදිමාලියද්ද පොලිසිය සඳහන් කරනවා.
ඇතිවූ රෝගී තත්වය මත ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර සිටියදී මෙම තරුණියක මිය ගොස් තිබෙනවා.
ඇයගේ වයස අවුරුදු 21කි රිදීමාලියද්ද ගැමුණුපුර ඇගලුම් ආයතනයක සේවයේ නියුතු ඇය කොවිඩ් වැළඳීම නිසා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 10ක් ප්‍රතිකාර ලබා නිවසට පැමින සිට තිබෙනවා .
ඊයේ (16) දින රාත්‍රීයේ ඇති වූ ස්වසන අපහසුතාවයක් හේතුවෙන් මහියංගණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල රෝහලට මාරුකර යවා තිබේ.
එහිදී ඇය මරණයට පත්වී ඇති බවට වාර්තාවනවා.
මියගිය තරුණියගේ දේහය මේවන විට බදුල්ල මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද (17) දින බදුල්ල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.
581 Views
Comments