දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රලු වන බැවින් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රලු වන බැවින් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස්

දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රලු වන බැවින් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

 

මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි.

 

සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කොළඹ සිට පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

 

කොළඹ සිට පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

views

710 Views

Comments

arrow-up