මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
04

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

 

ඒ ඊයේ ( 03 )  ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පාර්ලිමේන්තු සභාව රැස්වූ  අවස්ථාවේදීය.

 

මෙම රැස්වීමට ගරු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,ගරු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහභාගී වූහ.

 

එම සභාවේ සභාපති ධුරය සඳහා ජනක රත්නායක මහතා නම්කර ඇති අතර චතුරිකා විජේසිංහ, මොහාන් සමරනායක, උදේනි වික්‍රමසිංහ සහ මහාචාර්ය ජනක ඒකනායක යන මහත්ම මහත්මීන් සෙසු සමාජිකයන් ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවු බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.
 

 

 

views

574 Views

Comments

arrow-up