දෙනුවර මැණිකේ හෙට සිට ධාවනය අත්හිටුවයි

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රියේ ගමන් කරන මගින් අවම වීම නිසා නැවත දැනුම් දෙන තුරු ධාවනය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම දුම්රිය ගමන් කිරීමට කලින් ආසන වෙන්කර ගන්නා ලද මගින් සඳහා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය මගින් ගමන් පහසුකම් සලසා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව හෙට (28) සිට පෙබරවාරි එකොළොස් වන දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය පෙරවරු 6.30 ට ගමන් ආරම්භ කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
600 Views
Comments