විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගැනීමේ ගැටලුවට විසදුම්

උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය හේතුවෙන් පැන නැගී ඇති ගැටළුවට විසඳුමක් ලෙස විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරන සිසුන් ප්‍රමාණය 540කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පැවසීය.
ඒ අනුව වෛද්‍ය පිඨවලට සිසුන් 110ක්, දන්ත වෛද්‍ය විද්‍යා පීඨයට (ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ) සිසුන් 30ක්, ඉංජිනේරු පීඨ වලට සිසුන් 100ක්, විද්‍ය පීඨ වලට සිසුන් 150ක් සහ කළමණාකාර පිඨ වලට 150ක් එලෙස වැඩිපුර බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා සඳහන් කළේය.
එසේම පසුගිය වසරේ විශ්ව විද්‍යාල වලට බඳවා ගත්තේ සිසුන් 30,000ක් පමණක් වුවත් මෙවර එම සංඛ්‍යාව 41,000 දක්වා වැඩි කර තිබෙන බව ද අධ්‍යපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම පියවර ක්‍රියාත්මක කිරීමට විශ්ව විද්‍යාල පද්ධතිය භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබාගෙන තිබෙන බවත් අධ්‍යන කාර්ය මණ්ඩලයේ අළුත් තනතුරු 500ක් ඇති කිරීමට මුදල් ප්‍රතිපාදන ලබාගෙන තිබෙන බවත් පීරිස් මහතා කීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.
682 Views
Comments